ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව වෙතයි! මේ වැදගත් මොහොතේදී බවර්ස් සමාගම ඔබ සමඟයි!

ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව වෙත යොමු කෙරෙන විවෘත ලිපියයි

2021 මැයි 17, සඳුදා
කොළඹ

ආයුබෝවන්

හිතවත් ගොවි මහතාණෙනි/මහත්මියණි,

ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව වෙතයි! මේ වැදගත් මොහොතේදී බවර්ස් සමාගම ඔබ සමඟයි!
පසුගිය අප්‍රේල් මස 22 වැනි දින ශ්‍රී ලංකා රජය විසින් රසායනික පොහොර, පළිබෝධ නාශක සහ වල් නාශක වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බවට පළමු වරට ප්‍රවෘත්ති පළ විය.

බවර් සමාගම වසර 124 ක් පුරා ශ්‍රී ලංකාවේ පොහොර සැපයීමේ සහ වගාවන් ආරක්ෂක්ෂා කිරීමේ ප්‍රමුඛයා වශයෙන් කටයුතු කර ඇත. අප සමාගමේ ආරම්භක නාමය වන Ceylon Manure Works හෙවත් “ශ්‍රී ලංකා පොහොර සමාගම’ යන නමින් හැඟවෙන්නේන්ද කාබනික පොහොර සහ රසායනික පොහොර යන සාම්ප්‍රදායික සහ නව ක්‍රමවේදයන්ගේ සුසංයෝගය අපේ ව්‍යාපාරයේ මූල බීජය වූ බවයි.

වර්තමානයේදී පවා අප සමාගමේ ජාත්‍යන්තර සන්නිවේදන කටයුතුවලදී සමාගම හඳුන්වනු ලබන්නේ CMW යන නාමයෙන් වන අතර අපේ කර්මාන්ත ශාලාව සමස්ත දකුණු – නැගෙනහිර ආසියාවේම ඇති ඉහළම තාක්ෂණයෙන් අනූන දියුණුතම කර්මාන්ත ශාලාවක් බව සැවොම දන්නා කරුණකි.

ආරම්භයේ සිටම අප ප්‍රදර්ශනය කළ නව්‍යකරණයේ සහ පුරෝගාමීත්වයේ ජීව ගුණය අප විසින් කිසිදු විටක අත් නොහළ අතර එනිසාම දීර්ඝ කාලයක් පුරා අපි කාබනික පොහොර පිළිබඳව නව සොයාගැනීම්/අදා බැලීම් සිදු කිරීමට කටයුතු කර ඇත. ඒ යටතේ ජාත්‍යන්තර වෙළඳපොළේ නිෂ්පාදන මෙන්ම දේශීය වෙළඳපොලේ නිෂ්පාදනද අප විසින් පර්යේෂණයට භාජනය කර ඇත.

විශාල පරිමාණයේ කිරි ගොවිපොලවල් සහ කුකු ඵ ගොවිපොලවල් සමඟ සහයෝගීතාවයෙන් අප මේ සඳහා කටයුතු කර ඇති අතර ඊට අමතරව කොපොට් පොහොර, රොන් මඩ හා ජෛව අඟුරු වැනි ද්‍රව්‍ය කාබනික පොහොර බවට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව අපි සොයා බලා ඇත. කෙසේනමුත් රසායනික පොහොරවලට ලැබෙන සහනාධාර සහ (සහනාධාර නොලැබෙන) කාබනික පොහොරවලින් ලැබෙන ඵලදාව අඩුවීම යන හේතු නිසා අපට හට කාබනික පොහොර සඳහා සාර්ථක ව්‍යාපාර සැළැස්මක් නිර්මාණය කර, ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී නැත.

රසායනික පොහොර තහනම් කිරීම සඳහා රජය විසින් මෑතකදී කරන ලද නිවේදනය සමඟ අප සමාගම පසුගිය වසර 124 ක් පුරාවට ඔබ වෙනුවෙන් කළ සේවය විශිෂ්ටත්වයෙන් යුතුව, අඛණ්ඩවම ඉදිරියට කරගෙන යාම සඳහා හැකි සෑම පියවරක් ගැනීමට කටයුතු කරන්නෙමු. ඒ වෙනුවෙන් අපේ පර්යේෂණ කටයුතු හා ක‍්‍රියාකාරකම් වේගවත් හා වඩා තීව්‍ර කිරීමට අප කටයුතු කරමින් සිටින්නෙමු.

මේ වෙනුවෙන් අපගේ කැපවීම යළිත් ඔබට තහවුරු කරන අතරම ඔබේ වගාවේ සහ අස්වන්නේ සාර්ථකත්වය වෙනුවෙන් නව විසඳුම් ලබා දෙන බවට අපි ප්‍රතිඥා දෙන්නෙමු.

මීට විශ්වාසී,
රොල්ෆ් බ්ලේසර්
(කළමනාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී)


ජානක ගුණසේකර
(නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක අධ්‍යක්ෂක – කෘෂිකර්ම)



doctor